පාසලේ ඉතිහාසය
පාසල පිළිබද සැකවින්........................
කොළඹ බදුල්ල ඒ-4 මාර්ගයේ බලන්ගොඩ සිට කිලෝමීටර් කණුව පසු කළවිට ර/බල/පුවක්ගහවෙල විද්‍යාලය ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටා තිබේ. 1928 වර්ෂය පමණ වන විට ආරම්භකර ඇති මෙම විද්‍යාලයේ 1972 ගංවතුරට හානිවීම නිසා නව පරිශ්‍රයකට එනම් තිබූ තැනින් 75 මීටර් පමණ දුරකින් නැවත ස්ථාපනය කර ඇත.රමණීය භූමි භාගයක් වන මෙම පාසල සතුව අලුත් ඉඩම අක්.03 පර්චස් 11 පමණ ප්‍රමාණයක්ද , පැරණි පාසල් ඉඩම අක්කර 01ක් පමණද අයත්වේ.අ.පො.ස.(ස.පෙළ) දක්වා පන්ති පැවැත්වෙන අතර වර්තමානයේදී සිසුන් 120ක් පමණ හා ගුරුමණ්ඩලය 19ක් හා අනධ්‍යයන මණ්ඩලය 01ක් වශයෙන් සේවයේ යෙදේ. වර්තමානය වන විට ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා පෝෂක පාසල් ව්‍යාපෘතිය යටතේ රු ලක්ෂ 05ක් පමණ මුදලක්ද, විමධ්‍ය ගත මුදල් යටතේ සබරගමු පළාත් සභාවේ අධ්‍යාපන ඇමති ගරු භාණු මුණිප්‍රියමැතිතුමාගේ ප්‍රතිපාදන මත රු192000 ක මුදලක්ද වැයකර පන්ති කාමර සඳහා විදුලිය සපයා ඇත. එසේම විද්‍යාගාර ගොඩනැගිල්ලක් මෙන්ම පහසුකම් සහිත වැසිකිලි පද්ධතියක්ද ඉදිකර ඇත.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මෙන්ම අ.පො.ස.(ස.පෙළ) ප්‍රතිඵල ද සාධනීය වශයෙන් ඉහල යමින් පවතී. පාසල් ප්‍රජාව සැලකූ විට දෙමිපියන්ගේ ආර්ථික මට්ටම පහල මට්ටමක පවතී.සබරගමුව විශ්ව විද්‍යාලයේ කම්කරු තනතුරු සහ වී එළවලු ගොවිතැන යෙදෙන බහුතර පිරිසක්ද 5% පමණ වන රාජ්‍ය සේවක ප්‍රමාණයක්ද ප්‍රදේශයේ ජීවත්වේ. පාසල අයත්වන පෝෂක ප්‍රදේශ ලෙස පුවක්ගහවෙල,තුඹතැන්න, බුදුන්වෙල,නෙල්ලිවල පඹහින්න, මුත්තෙට්ටුවගම වශයෙන් දැක්විය හැක.
පාසල ආසන්නව ර/කරගස්තලාව ම.විද්‍යාලය ද්විතියික සංවර්ධනය යටතේ සංවර්ධනයට ලක්වී ඇති බැවින් සෙසු ග්‍රාමීය පාසල්වලට බලපා ඇති වැසියාමේ තර්ජනයෙන් බේරීමට මහත්වූ ක්‍රියාදාමයන් රාශියක් ක්‍රියාත්මක කරවීමට සිදුවී ඇත. මන්දයත් ද්විතියික පාසල තුල නැවත ප්‍රාථමික අංශයද පිහිටුවිය.අප පාසල ප්‍රියමනාප පාසලක් ලෙස සංවර්ධනය කිරීමට භෞතික පරිසරයද දැකුම්කලු ලෙස සංවර්ධනය කල යුතුව ඇත. වර්තමානයේදී පාසලට නවක සිසුන් ඇතුලත් කිරීමේ ප්‍රවනතාවය සංවර්ධනය වෙමින් පවතී.