නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
පාසලේ ඈත ඉතිහාසය ගැන සොයා බලන්නෙකුට මෙම පාසලේ පිහිටීම හා මූලාරම්භය වශයෙන් වර් ෂ 1929ක් වැනි ඈත ඉතිහාසයක් දැක ගත හැකි වේ.හාගල කන්දෙන් ගලා බසින හිරුළුවා ඔය පුවක්ගහවෙල ගම මැදින් ගලා බසින අතර එම ඔය අසබඩ මෙම විදුහල බෝධි රුක්ෂයේ පහස ලබමින් අක්කර එකකට ආසන්න භූමි භාගයකින් යුක්ත වූවකි.
සොබාදහමේ අපූරු නිර්මාණයක් වූ මෙම අධ්‍යාපන නිකේතනයට කණකොකා හඬන දිනයක් 1970.04.07 දින උදා විය.හිරුළුවා ඔය ජල රකුසාගේ බිල්ලට එවකට සිටි විදුහල්පතිතුමාගේ ගුරු නිවාසය හා දරුවා හසු විය. එතැන් පටන් මෙම විදුහලේ භූමි සැලැසමෙහි වෙනසක් සිදු විය.ප්‍රධාන පාරින් හිරුළුවා වෙල දක්වා දිවෙන අතුරු පාරට නැගෙනහිර දෙසින් අක්කර 4කට ආසන්න භූමි භාගයක් මෙම අධ්‍යාපන නිකේතනයට වෙන් වූ අතර එහි ගොඩනැගිල්ලක් සිසු දරුවන්ගේ අධ්‍යාපන අයිතියට ලැබුණි.
අද වන විට පාසල ගම්මානයට උචිත ලෙස වෙනස්කම් රාශියකට මුහුණ දෙමින් පාසල් පිරියත අංග සම්පූර් ණ අධ්‍යාපන නිකේතනයක් බවට පත් වී ඇත. නිදහස් අධ්‍යාපනය සර්වප්‍රකාරයෙන්ම සුරක්ෂිත කරමින් පාසල් ප්‍රජාවට දැනුමෙන් ගුණයෙන් සපිරි දූ දරුවන් පිරිසක් සමාජ ගත කිරීම අපේ එකම පැතුමයි.
නියෝජ්‍ය විදුහල්පති,
ඩබ්චූ.ටී.එස්.චූලාබන්ධු මයා
